Published
අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති වීම අහඹුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.
මෙවැනි රැල්ලට පත් වූ නායකයින්ගේ පාලන කාලය ඉතා ඉක්මනින් අවසන් වන අයුරු ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් ඇති බවයි ඔහු පැවසුවේ.
පාර්ලිමේන්තු මන්තී්්‍ර සුජීව සේනසිංහ මහතා නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සහභාගි වූ නෙත් නිවුස් රතු කට්ට් සම්පූර්ණ දේශපාලන සංවාදය පහතින් නැරඹිය හැකියි.




