Published
කුරුණෑගල ප්රදේශයේ සිදු වූ නායයෑම්වලින් පුද්ගලයින් 09දෙනෙකු මියගොස් තවත් 24දෙනෙකු අතුරුදන්ව වී තිබෙනවා
කුරුණෑගල ඉදුල්ගොඩ කන්දේ කොටසක් නායයෑමෙන් 05 දෙනෙකුගේ සිරුරු සොයා ගත් අතර පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන්ව සිටිනව
එමෙන්ම ඉබ්බාගමුව, අරගමන්කන්ද නායයෑමෙන් නිවාස කිහිපයක් යටවී ඇති අතර ඉන් පුද්ගලයින් 08දෙනෙකු අතුරුදන්ව ඇති බවයි දිස්ත්රික් ලේකම් චන්දන දිසානායක මහතා සදහන් කළේ
තවද ඕමාරගොල්ල ප්රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 13දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති බව කුරුණෑගල දිස්ත්රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ




