Published
රුපියල් හය කෝටි දහ අට ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදෙස් කාන්තාවක් අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන පිලිපීන ජාතික කාන්තාවක්.
ඇය හොංකොං නුවර සිට , කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
සැකකාර විදෙස් කාන්තාව රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ, පැකට් 05 ක් ලෙස අසුරා සකස් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 180 ක ප්‍රමාණයක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




