1967 පෙබරවාරි මස 10 වන දින අයි.එම්.ආර්.ඒ. රීරියගොල්ල මහතාගේ සහ ආර්.අයි.ටී අලස් ගුරු පියාණන්ගේ මූලිකත්වයෙන් ඇරඹි කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය ඉතා කෙටි කාලයක් තුළ පාසල් අධ්‍යාපන ක්ෂේත්රයේ සුවිශේෂී සන්දිස්ථානයක් සලකුණු කිරීමට සමත්වි තිබෙනවා.
ආරම්භයේ සිටම බහු ජාතික පාසලක් වශයෙන් ඇරැඹි සේනානායකය එයටම අනන්‍ය වූ උප සංස්කෘතියක් හිමි කරගැනීමට සමත්ව ඇත.
විද්‍යාලයීය ආදි කර්තෘවරනායන් වන අලස් ගුරු පියාණන් අර්ථ දැක්වූ පරිදි සේනානායක විද්‍යාල මාතාව ඔසවා සිටින ඒ සිව්මහා ස්තම්භ අතුරින් විදුහල්පති ප්රමුඛ ගුරු මණ්ඩලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
විශේෂයෙන්ම ආදි ගුරු මණ්ඩලයේ අපගේ ඒ ආදරණීය ගුරු මෑණිවරුන් මෙන්ම ගුරු පියවරුන්ගේ සුවතාවය උදෙසා ආදිශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන වෛද්‍ය සායනය සිසුන් හා ගුරුවරයා අතර පවතින ඒ නොනිමි සබඳතාවය මල්පල ගන්වන්නකි.
20 වසරක අභිමානවත් ඉතිහාසයකට උරුමකම්
කියන්නාවූ මේ උතුම් කර්තව්‍ය පසු ගිය දා ඩී.එස්.මාතාවගේ 88 කණ්ඩායමේ ආදිශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් පවත්වා තිබෙනවා.
ආරම්භයේදී සුලු කර්තව්‍යයක් වශයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය වත්මන වන විට සිවිශාල වූ කාර්යයක් බවට පත්වී තිබෙනවා.
මුල් කාලයේදී ඖෂධ ආදිය සපයා ගැනීමට මූල්‍යමය සම්පාදන සොයාගැනීම තරමක් අසීරු වුවද සෙන්පති පුතුන්ගේ පවතින ඒ ශක්තිමත් බැදීම, එකමුතුව ඒ සියලු බාධක බිද දැමීමට සමත්ව ඇත.
අප විද්‍යාලයෙන් ඉගෙනුම ලැබ පසුකාලීනව වෛද්‍ය වෘත්තියට පිවිසි ආදිශිෂ්‍ය ගණනාවක් මේ සදහා දායකත්වය ලබාදීමට පසුබට නොවිණි.
අදියරෙන් අදියර ගොඩනැගුනු මේ වෛද්‍ය සායන ක්‍රියාන්විතය මේ වනවිට ඉතා ඉහළ මට්ටමක පවතී.
විශේෂයෙන්ම සායනයට සහභාගි විය නොහැකි තරමින් අසාධ්‍ය ගුරු මාපිය වරුන්ට නිවැසටම ඖෂධ ගෙනැවිත් දීමට තරම් අප විද්‍යාලයීය ආදිශිෂ්‍ය කණ්ඩායම මානුෂිය විය.
වියපත්ව හුදෙකලාව තම දිවියේ සැදෑ සමය ගත කරන ඒ ආදරණීය ගුරුවරුන්ට වෛද්‍ය තුෂාර ගුණතිලකයන් ඇතුලු ඒ 88 කණ්ඩායම වචයයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානුෂීය විය.
D.S.සේනානායක විද්‍යාලීය 88 කණ්ඩායම විසින් විශ්‍රාමික ගුරුදෙමවුපියන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය උදෙසා වසර 20ක් පුරා මාසිකව පවත්වාගෙන යන වෛද්‍ය සායනයට වසර 20ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ සමරු උත්සවයක් 2026 මාර්තු 24 වන දින පෙ.ව. 8.30 ට පාසලේ R.I.T. අලස් ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙනවා.
මෙම අවස්ථාව සමරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ සමරු මුද්දරයක්, සමරු කවරයක් හා සමරු කාසියක් නිකුත් කිරීම ද සිදුව තිබෙනවා.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මහාචාර්ය ආලෝක පතිරණ මහතා සහ මහාචාර්ය අජිත් මලලසේකර මහතා සහභාගී වීමට වි තිබෙනවා.





