Published
ඖෂධ සඳහා හඳුන්වාදුන් මිල සූත්‍රය පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
ඒ අනුව සෑම ඖෂධ කාණ්ඩයක් සඳහාම උපරිම මිල සීමාවක් නියම කෙරෙනු ඇති.
ඖෂධ මිල අඩු කිරීම හරහා බාල ඖෂධ රට තුළට ඇතුළු වීමේ කිසිදු ඉඩක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ මිල අඩු කිරීම හරහා කිසිදු ඖෂධ සමාගමක් රට අතහැර යාමේ අවදානමක් ද නොමැති බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රමිතියෙන් අඩු ඖෂධ රටට ඇතුල් වීම වැලැක්වීම සඳහා දැඩි පියවර ගෙන ඇති බවයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ නව පනත ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවිය හැකි බවට ඇතැම් පාර්ශ්ව පෙන්වා දී ඇති බවයි.
මෙම අදහස් පළ වුණේ ඊයේ පාර්ලිමේන්තුවේදීයි. පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස් වනවා.




