Published
ඩෙංගු මදුරුවන් බෝ වන පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් පන් දහසකට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරා ඇති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි.
එලෙස ඩෙංගු මදුරුවවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා ඉදිරියේදීද නීතිමය පියවර ගන්නා බව ඔහු පැවසුවා.
මේ අතර ඩෙංගු රෝගීන් 49,000 කට වැඩි පිරිසක් මේ වනවිට හදුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර මහතා පවසනවා.
ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.




