2026 වසර සඳහා කොටගල ප්‍රාදේශීය සභා අයවැය සියලුම පක්ෂවල සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව ඒකමතිකව සම්මත වි තිබෙනවා

කොටගල ප්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් 5 දෙනෙකු, ජාතික ජනතා බලවේගයේ සාමාජිකයින් 5 දෙනෙකු, එක්සත් ජනතා බලවේගයේ සාමාජිකයින් 4 දෙනෙකු, ඇනා චන්ද්‍රසේකරන් පෙරමුණේ සාමාජිකයෙකු සහ ඊරෝස් හි සාමාජිකයෙකු ඇතුළත් වන අතර, මුළු සාමාජිකයින් 16 දෙනෙකු සිටී.

ඊයේ දින අයවැය ඉදිරිපත් කළ විට, සියලු දෙනා අත්පොළසන් දී සහයෝගය පළ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

රැස්වීමේදී කතා කළ ප්‍රාදේශීය සභා සභාපති රාජමනී ප්‍රශාන්ත් මහතා කියා සිටියේ, 2026 වසර සඳහා සභාවේ ඇස්තමේන්තු ගත අපේක්ෂිත ආදායම රු.178,777,231ක් බවත්, වියදම රු.178,775,268ක් බවයි.

එම අපේක්ෂිත ආදාමෙන් රු.31,700,000ක මුදලක් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සෞඛ්‍ය සදහා වෙන් කර ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.