Published
හෝමාගම, වෑකන්ද පාරේ නිවසක තිබී මත්ද්‍රව්‍ය සමග තරුණියක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලිමකදීයි. සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ එක හමාරකට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 688 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කැළණිය, කිරිබත්ගොඩ, මොරටුව සහ හුංගම ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.




