අනුරාධපුර ප්‍රදේශයේදී හෙරොයින් සමග ඊයේ අත්අඩංගුවට ගැණුනු විදුහල්පතිවරයා පාසල් සිසුන්ට එම මත්ද්‍රව්‍ය අළෙවි කර ඇද්දැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර මාතර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මත්ද්‍රව්‍ය සහ දුප්පත්කම අතර ඇති සබදතාව පිළිබද මෙලෙස අදහස් පළ කළා.