Published
ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැත්වෙන 2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත්ව තිබෙනවා.
මීටර් 92.07 ක සුපිරි විසිකිරීමක් වාර්තා කරමිනුයි ඔහු මෙම විශිෂ්ට ජයග්‍රහණය තහවුරු කරගෙන ඇත්තේ.
මීටර් 86.93 ක දක්ෂතාවක් දක්වමින් ග්‍රෙනේඩා රාජ්‍යයේ ඇන්ඩර්සන් පීටර්ස් තරගයේ දෙවන ස්ථානය දිනාගත් අතර, මීටර් 85.16 ක දක්ෂතාවක් දැක්වූ පෝලන්තයේ ඩාවිඩ් වෙග්නර් එහි තෙවන ස්ථානය හිමිකර ගත්තා.
ආරම්භයේ සිටම දැඩි තරගකාරීත්වයක් පැවති මෙම ඉසව්වේදී දෙවන ස්ථානය දිනූ ක්‍රීඩකයාට වඩා මීටර් 5.14 ක කැපී පෙනෙන පෙරමුණක් ගනිමින් තම ආධිපත්‍යය තහවුරු කිරීමට රුමේෂ් තරංග සමත් වීම විශේෂත්වයක්.




