Published
ප්රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි හිටපු අමාත්ය ජී.එල්. පීරිස් මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.
ඔහු පැය දෙකක පමණ කාලයක් අල්ලස් කොමිසම හමුවේ ප්රකාශ ලබාදී ඇති බවයි වාර්තා වුණේ.
සිදුකරන විමර්ශනයකට අදාළ ප්රකාශයක් ලබාදෙන ලෙසට කළ දැනුම්දීමක් මත හිටපු අමාත්ය ජී එල් පීරිස් මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා.




