යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඉන්දියාවට සුබ පැතුමක් යොමු කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ඉන්දීය ජනතාවට, ජනාධිපති ද්‍රෞපදි මුර්මුට සහ අග්‍රා නරේන්ද්‍ර මෝදි වෙත ඔහු එලෙස සුබ පැතුම් පිරිනමා ඇති බවයි.
සිය නිල X ගිණුමේ එක් කර ඇති සුබ පැතුම් පණිවිඩය මගින් සෙලෙන්ස්කි පවසා ඇත්තේ ජාතික දිනයේදි ඉන්දියාවේ නායකත්වයට සහ ජනතාවට සුබ පතන බවයි.
එමෙන්ම ඉකුත් දා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාර්ථක සහ අවංක සංවාදයක් පැවැත්වූ බවත් තමන් ඒ පිළිබඳ සතුටට පත්වන බවත් සෙලෙන්ස්කි පවසා තිබේ.
එමෙන්ම යුක්රේන නායකයා ඉන්දියාවේ සහ යුක්රේනයේ ද්විපාර්ශවික සබඳතා අවධාරණය කරමින් කියා සිටියේ දෙරටම නිදහස, අභිමානය, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින බවයි.
ගෝලීය සාම ප්‍රයත්නයන්හිදී, විශේෂයෙන්ම පවතින යුද්ධය අවසන් කිරීමේදී ඉන්දියාව කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.
එමෙන්ම සෙලෙන්ස්කි යුක්රේන-ඉන්දියා සහයෝගීතාවයේ අනාගතය පිළිබඳව විශ්වාසය පළ කළ අතර, විද්‍යාව, තාක්ෂණය, වෙළඳාම සහ සංස්කෘතිය යන ක්ෂේත්රවල අවස්ථා පෙන්වා දෙමින් ඉන්දීය ජනතාවට සාමය සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කළේය.



