Published
ඌරගස්මංහන්දිය, රකිනාකන්ද ප්රදේශයේදී විදුලි සැර වැදී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 74 ක් වූ කාන්තාවක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
එම කාන්තාව අසල පිහිටි නිවසකට ගමන් කිරීමේදී ගසක් වැටීම හේතුවෙන් බිමට පතිතව තිබූ විදුලි රැහැනක පැටලී එලෙස විදුලිසැර වැදී ඇති බවයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.
මේ අතර ගිරිඋල්ල, සිරිසෙතගම ප්රදේශයේ කාන්තාවක් වන අලි ප්රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇය එම ප්රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.
එම කාන්තාව නිවස පිටුපස සිටියදී මෙලෙස වනඅලි ප්රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.




