දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ අද පැවැත්වෙන කාවාඩි නර්ථන පෙරහැර සඳහා අතිරේක පොලිස් බලඇණි කැඳවා තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ද ආරක්ෂාව සඳහා කැඳවා ඇති බවයි.
අද පැවැත්වෙන කාවාඩි පෙරහැරට සහභාගී වීම සඳහා සියළු කාවාඩි නර්ථන කණ්ඩායම්වලට අවසර හිමිවන බව ප්‍රකාශ කිරීමත් ඊයේ රාත්‍රියේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටට රැස්වූ කාවාඩි කණ්ඩායම් නර්තනයේ යෙදෙමින් සිය සතුට පළ කළා.
කෙසේ වෙතත් බුද්ධි වාර්තා මත පදනම්ව අද පැවැත්වෙන පෙරහැරට උපරිම ආරක්ෂාව ලබා දෙන බවත් විනය විරෝධි හැසිරීමක් පෙන්වන කාවාඩි ශිල්පීන් හෝ කණ්ඩායම් වහාම ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවා.
දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහර හෙට වීථි සංචාරය කෙරෙනවා.




