Published
මිරිහාන, නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිටි පිහිණුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05ක් වූ තලපත්පිටිය, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක්.
ඔහු සිය පෙර පාසලේ ගුරුවරුන් සහ තවත් ළමුන් කණ්ඩායමක් සමඟ පුහුණුකරුවෙකු යටතේ පිහිණුම් තටාකයකයේ පුහුණුවීම් කරන අතරතුරදී දියේ ගිලී ඇති බවයි පොලිසිය පැවසුවේ.
පුහුණුවීම් අතරතුර දියේ ගිලී ඇති එම දරුවා ගොඩට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවද පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




