මීගමුව බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් මියගිය පිරිස 20 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට නොබෝ වේලාවකට පෙර නෙත් නිවුස් කළ විමසිමකදි එම රෝහලේ උසස් නිලධාරියෙකු ඒ බව කියාසිටියා.

අද හටගත් ගැටුමෙන් තුවාල ලැබූ සියයකට අධික පිරිසක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අට දෙනෙකු කඩිනමින් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට පියවර ගත්තේ.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තවත් කිහිපය දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවද හලාවත දිස්ත්‍රික මහ රෝහලේ උසස් නිලධාරියා නෙත් නිවුස් වෙත කියාසිටියා.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම පාලනය කිරීම සදහා බන්ධනාගාර, පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.