අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට මුලින්ම පැනවූ බදු ප්‍රමාණය සියයට 44ක්. කෙසේවෙතත් පසුව එය ක්‍රියාත්මක වීම දින 90කට අත්හිටුවනු ලැබුවා.
එම කාලය ඉකුත් බදාදායින් අවසන් වුණා.
ඒ අතරතුර ශ්‍රී ලංකා නියෝජිතයින් අමෙරිකා නියෝජිතයින් සමග සාකච්ඡා ආරම්භ කළේ මෙම බදු ප්‍රමාණය අඩු කර ගැනීමේ අරමුණින්.
ඉන් පසුවයි අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ බදු ප්‍රතිශතය සියයට 30ක් දක්වා අඩු කෙරුණේ.
මීටත් වඩා මෙම බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට නොහැකි වූයේ මන්දැයි මෙම මාධ්‍ය හමුවට එක් වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරුණු පැහැදිලි කළා.
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ නව තීරු බදු අඩු කර ගැනීමේදී සිදු වූ සාකච්ඡා සම්බන්ධයෙන් ද මහ බැංකු අධිපතිවරයා අදහස් පල කළා.
ශ්‍රී ලංකාව විසින් අමෙරිකාවට පැනවූ බදු අඩු කිරීමක් මෙහිදී සිදු වන්නේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.