වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත කැඳවා තිබුණා.

ඒ, පසුගිය සමයේ තේ මණ්ඩලයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයකට අදාළව කරුණු විමසීම සඳහායි.

අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව යන අවස්ථාවේදී අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද අල්ලස් කොමසමෙන් කැඳවීමක් කර තිබියදී ඔහු මෙතෙක් එම කොමිසම හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.