ගෑස් මිළ ඉහළ දැමීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු සහ රයිස් මිල ගණන් රුපියල් 20කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේවෙතත් කෙටි ආහාරවල මිල ගණන් රුපියල් 10කින් අඩු කරන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ශාන් මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ එම සංගමය මීට පෙර ද මිල ගණන් ඉහළ දැමුවා.

කෙසේවෙතත් ගෑස් මිල ඉහළ දැමුණද සිය බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා මේ බව කියාසිටියා.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එම සංගමය පසුගිය මාර්තු 23 වනදා පාන් මිල ඉහළ දැමුවා.

ඒ, ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින්.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිළ ගණන් ඉහළ දැමුවා.

යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ එල් පී ගෑස් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම හමුවේ ගෑස් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගත්තා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 4,765ක් වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමුණේ රුපියල් 308කින්.

එහි නව මිල රුපියල් 1,910ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 890ක් වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 5,700ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 2,280ක් වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

කෙසේවෙතත් ගෑස් මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් වෙළද නියෝජිතයන්, ව්‍යාපාරිකයන් සහ ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.