Published
තේ දළු ප්රවාහනය කරන ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අනතුරට පත් වීමෙන් එම ලොරි රථයේ පසුපස ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බවයි නානුඔය පොලිසිය පැවසුවේ.
නානුඔය ඔලිෆන්ට් වතුයායේ සිට නානුඔය සමර්සෙට් තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දළු ප්රවාහනය කරමින් තිබූ එම ලොරි රථයේ පසුපස කොටස චැසියෙන් ගැළවී ගොස් අනතුර සිදුව තිබෙනවා.
ලොරි රථයේ රියදුරු නානුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.