දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ගොඩනැගිලි, කෘෂිකර්මාන්තය හා යටිතල පහසුකම් ආදියට සිදුව ඇති භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1 ලෙස ඇස්තමේන්තු කර ඇති බව ලෝක බැංකුව පවසනවා.
එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක පමණ ප්‍රමාණයට සමාන වනු ඇති බවයි ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත්තේ.
ලෝක බැංකු සමූහය විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ ගෝලීය පශ්චාත් ආපදා හානි ඇස්තමේන්තු වාර්තාවේ මේ බව දැක්වෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් වැඩිම හානියක් මධ්‍යම පළාතට සිදුව ඇති බව එම වාර්තාව අනාවරණ කරන අතර එම අගය ඩොලර් මිලියන 689ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබෙනවා.
මාර්ග පද්ධතිය, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධතියට සිදුව ඇති හානිය ඩොලර් බිලියන 1,735ක් ලෙස ගණනය කර තිබෙනවා.
එය සමස්ත හානියෙන් සියයට 42ක ප්‍රතිශතයක්.
නේවාසික ගොඩනැගිලිවලට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 985ක් ලෙසටයි ගණනය කර ඇත්තේ.
කෘෂිකර්මාන්තයට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 814ක් ලෙසටයි ලෝක බැංකු වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.




