මීරිගම අක්කර 20 ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අදාළ ප්‍රදේශයේ දූරියන් වත්තකට පැමිණි සොරෙකුට වත්තේ මුරකරු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වනවා.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට බරපතළ තුවාල ලබා මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තා කරු සඳහන් කර සිටියේ