Published
කල්පිටිය ප්‍රදේශයෙන් ධීවර රැකියාව සඳහා මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
එම පුද්ගලයින් දෙදෙනා ධීවර කටයුතු සඳහා ගොස් බෝට්ටුවකින් මුහුදු ගොස් ඇත්තේ පසුගිය 21වනදා සවස් කාලයේ කල්පිටිය, සින්නකුඩිඉරිප්පු කලපු තීරයෙන්.
එලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 27ක් හා 34ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක්.
අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා සොයා කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් එක්ව මෙහෙයුම් දියත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.



