Published
ජාතික ජන බලවේගයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නිශාන්ත ජයවීර මහතා පත් කර තිබෙනවා.
ඒ, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහායි.
ජාතික ජන බලවේගයේ මහලේකම්වරයා විසින් එම පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාටග් නම යෝජනා කර ඇති අතර ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කර ගන්නා ලද බව දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත් කර සිටි ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වුණේ මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය භාර ගැනීම සඳහායි.