හිටපු කථානායකවරයෙකු සහ අමාත්‍යවරයෙකු වූ චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ, චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී ඇය මෙලෙස මියගොස් ඇති බව වාර්තා වුණේ.

අභාවප්‍රාප්ත චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය සහ ස්ථානය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.