ගමට යාමට බස් රථයක් නොමැති වීම හේතුවෙන් කඩුවෙල නගරයේ ලැගුම්හලක කාමරයක නවාතැන් ගෙන සිටි ව්‍යාපාරිකයෙකුට පහරදී මුදල් සහ රන් මුදුවක් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් කොස්තාපල්වරුන් දෙදෙනා මාලබේ පොලිසියට අනුයුක්තව රාජකාරී සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.
සෙසු සැකකරුවන් අතර ලැගුම්හලේ කළමනාකරු සහ සේවකයෙකු වනවා.
කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි එම ව්‍යාපාරිකයා තම දරුවා බැලීම සඳහා බියගම ප්‍රදේශයට පැමිණ නිවසට යාම සඳහා කඩුවෙල නගරයට පැමිණ බස් රථයක් නොමැති වීම හේතුවෙන් රාජ්‍ය බැංකුවක් අසල පිහිටි ලැගුම් හල වෙත ගොස් කාමරයක් කුලයට ලබාගෙන නවාතැන් ගෙන සිට ඇතැයි පොලිසිය පැවසුවා.
එම අවස්ථාවේදී සැකකරුවන් සිව් දෙනා ලැඟුම් හලේ හිමිකරු සමග මත්පැන් පානය කරමින් සිට ඇති අතර කොස්තාපල් දෙදෙනා ව්‍යාපාරිකයා රැඳී සිටි කාමරයේ දොරට තට්ටු කර බලහත්කාරයෙන් දොර විවෘත කරවාගෙන ඔහුව පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා පහර දී කොල්ලකෑ බව ව්‍යාපාරිකයා පොලීසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාම ගාල්ල නාගොඩ සහ ඉමදුව කෝමළ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරුවන් දෙදෙනා පිළියන්දල සහ ගිණිගත්හේන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.




