සිය පාලනය හඳුන්වා දුන් විවෘත ආර්ථිකයේ වටිනාකම පිළිබඳ තමන්ගෙන් නොව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගෙන් විමසන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඕනෑම පුද්ගලයෙකුට මුදල් ඉපයීම සඳහා එලෙස විවෘත ආර්ථිකය හඳුන්වා දුන් බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසුව ප්‍රසිද්ධ උත්සවයකට ඔහු සහභාගී වූ පළමු අවස්ථාව මෙය වනවා.
තමන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදහස් පළ කළා.
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය පැවැත්වුණේ “ඔබේ මතය ඔබ දරන්න - ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදය පරදවන්න එකට සිට ගමු” යන තේමාව යටතේයි.
එම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් එක්ව සිටියා.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාලද සිල්වා, මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ද එක්ව සිටියා.
සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහිදී මෙලෙස අදහස් පළ කළා.
මේ, එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවය ඇමතූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා.
එම පක්ෂ සම්මේලනයෙන් අනතුරුවද මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් අදහස් පළ කළා. මේ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාද මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දුන්නා.




