Published
අණ නොතකා ධාවනය කළ ත්රිරෝද රථයකට කළුතර නාගොඩ ප්රදේශයේදී පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
කළුතර බෝබුවල ප්රදේශයේදී එම ත්රීරෝද නතර කරන ලෙසට කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් සංඥා කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
කෙසේ වෙතත්, පොලිස් අණ නොතකා ත්රිරෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, පොලිසිය එය කිලෝමීටර් හතරකට ආසන්න දුරක් හඹා ගොස් කළුතර නාගොඩ ප්රදේශයේදී මෙලෙස වෙඩි තබා තිබෙනවා.
එහිදී ත්රිරෝද රථයේ රියදුරුට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර, ඔහු ප්රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය පැවසුවේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කළුතර රජවත්ත ප්රදේශයේ පදිංචි ‘රජවත්ත සංජු‘ නමැති පුද්ගලයෙක් බව සදහන්.




