ඇදහැළෙන වැසි හේතුවෙන් දැදුරු ඔය සහ රාජාංගණ ජලාශ තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් ප්රධාන ගංගාවල ජල මට්ටම් අවදානම් තත්ත්වයක නොමැති බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
"කළුගඟේ ජල මට්ටම් සැලකිය යුතු ඉහළ යාමක් දැකීමට තිබ්බත්, එය විශාල ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. විශේෂයෙන් මිල්ලකන්ද සහ මගුර මධ්යස්ථානවල ජල මට්ටම් ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ අවදානම් මට්ටම දක්වා, නමුත් එය තවදුරටත් විශාල වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැහැ, ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ප්රදේශයේත් ඇතැම් ස්ථාන කීපයක මිලිමීටර් 50 ඉක්මවූ වර්ෂාපතනයක් තිබුණත්, ජල මට්ටමේ සාමාන්ය වැඩිවීමක් පෙන්නුම් කරනවා. නමුත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. නිල්වලා ගඟ, ගිං ගඟ, ඒ වගේම අත්තනගලු ඔය, මහ ඔය, මැණික් ගඟ ආශ්රිත ද්රෝණිවලත් සාමාන්ය වැඩිවීමක් සිදු වුණත්, ගංවතුර තත්ත්වයක් දක්වා මේ පවතින සහ ඊයේ දිනයේ ඇතිවූ වර්ෂාපතනයත් සමඟ එවැන්නක්, ගංවතුර තත්ත්වයක් වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ අනෙකුත් නැගෙනහිර පළාත ඇතුළු අනුරාධපුර, ත්රිකුණාමලය, පුත්තලම සහ ඒ වගේම කුරුණෑගල මෙවැනි දිස්ත්රික්කවලත් සැලකිය යුතු වර්ෂාපතනයක් තියෙනවා. මේ සමඟ විශේෂයෙන්ම දැදුරු ඔය සහ රාජාංගනය වාන් දොරටු විවෘත කිරීම වැඩි කරලා තියෙනවා. ඒ අනුව දැදුරු ඔය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 5,300 කට ආසන්න ප්රමාණයක් නිදහස් කරනවා දැදුරු ඔයට. ඒ වගේම රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 2,300 කට ආසන්න ප්රමාණයක් නිදහස් කරනවා."




