Published
තලවකැලේ නගර මධ්‍යයේදී තරුණයන් දෙදෙනෙකු යට කර පලා ගොස් සැඟව සිටි ලොරි රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දීපවාලි උත්සවය සැමරීම සඳහා රතිඤ්ඤා දල්වමින් සිටි තරුණයන් දෙදෙනෙකු එලෙස ලොරි රථයෙන් යටකර පලාගොස් තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අධික ලෙස බීමත්ව සිටි රියදුරා තලවකැලේ ග්‍රෙඩ් වෙස්ටන් වතුයායේ නිවසක සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ලිදුල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.



