වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී කැබ් රථයක් පරික්ෂා කිරීමේදි එහි තිබී පුපුරණ ද්රව්ය තොගයක් සොයාගෙන තිබෙනවා.

එම කැබ් රථයේ පිටුපස කොටසේ අදාළ පුපුරණ ද්රව්ය තොගය සූක්ෂම ලෙස සගවා තිබූ බවයි තංගල්ල පොලීසිය පැවසුවේ.

එහි තිබී වෙඩි බෙහෙත් කිලෝග්රෑම් 14ක්, ජෙලට් නයිට් කූරු 240ක්, ඇමෝනියා කිලෝග්රෑම් 350ක්, ඩෙටනේටර් 490ක් හා අඩි 5,600ක් දිග වෙඩි බෙහෙත් වයර් තොගයක් සොයාගත් බව පොලීසිය පැවසුවා.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්කිරිගල ප්රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුපුරණ ද්රව්ය තොගය ගල් කැඩීමට යොදාගැනීම සඳහා ප්රවාහනය කරමින් තිබූ බව ඔහුගෙන් සිදුකළ ප්රශ්න කිරීම් හමුවේ අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්යෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්රියාත්මකයි.