ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි සිම්බාබ්වේ තරග සංචාරයේ එක්දින ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර තිබෙනවා. පැතුම් නිස්සංක, නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, එලෙස එක්දින සංචිතයට නම් කළ කිහිප දෙනෙකු වනවා. එමෙන්ම දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක ද එක්දින සංචිතයට අයත්. පවන් රත්නායක සහ නුවනිදු ප්‍රනාන්දු ද එක්දින සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා ් කණ්ඩායම් නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියේ සහ දේශීය තරඟ බිමේ දක්ෂතා දක්වන මෙම ක්‍රීඩකයින් දෙදෙනාට අවස්ථාවක් නොදීම සම්බන්ධයෙන් ඉකුත් සමයේ කතාබහක් ද මතුව තිබුණා. දෙරට අතර තරග 03 බැගින් වූ එක්දින හා විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වෙන අතර, ඉන් පළමුව පැවැත්වෙන එක්දින තරගාවලිය ලබන 29 වනදා ආරම්භ වීමට නියමිතයි. ඉතිරි තරග 31 වනදා හා සැප්තැම්බර් 03 යන දිනවල පැවැත්වෙනු ඇති. එම සියලුම තරග හරාරේහිදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර විස්සයි විස්ස තරඟාවලිය සැප්තැම්බර් 03, 06 හා 07 දිනවල පැවැත් වීමට නියමිතව ඇත්තේ ද හරාරේ හිදීයි.