ත්‍රිකුණාමලය, කප්පල්තුරෙයි ප්‍රදේශයේ ඉකුත්දා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු දික්වැල්ල, උරුගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මාතර කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

සැකකරු උරුගමුව, වැහැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

ඔහු වැඩිදුර විමර්ශන සදහා ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් පසුගිය 2 වනදා එම වෙඩි තැබීම සිදුව තිබූ අතර එහිදි ත්‍රීරෝද රථය පැදවූ නාවික හමුදා සෙබළෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

සෙසු පුද්ගලයන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.