Published
බලපත්ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව, චැපල්ටන් ප්රදේශයේදීයි. ඒ, බගවන්තලාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්රදේශයේ පදිංචිකරුවන් වනවා.
මස්කෙළිය, මින්සිලෑන්ඩ්වත්ත ප්රදේශයේ සිදුකළ වැටලීමකදී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මස්කෙළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මස්කෙළිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.




