ජර්මනියේ සාක්සොනි-අන්හාල්ට් ප්‍රාන්ත මැතිවරණයෙන් අන්ත දකුණූ මතධාරී ‘ඇල්ටර්නේටිව් ෆෝ ජර්මනි‘ හෙවත් AFD පක්ෂය ජය ගෙන තිබෙනවා.

ඡන්ද ප්‍රතිඵලවලට අනුව AFD පක්ෂය වාර්තාගත ලෙස සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂය වන ක්‍රිස්තියානි ඩිමොක්‍රටික් යූනියන් පක්ෂයට ලබාගත හැකිව තිබෙන්නේ සියයට 17 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව අන්ත දකුණු මතධාරී පක්ෂයක් ජර්මනියේ ප්‍රාන්ත මැතිවරණයකදී මෙතරම් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තමන්ට ප්‍රාන්තය පාලනය කිරීම සඳහා ජනවරම ලැබී ඇති බවත්, හැකි ඉක්මනින් ආණ්ඩුව පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන බවත් AFD පක්ෂයේ ප්‍රාන්ත නායක උල්රිච් සීග්මන්ඩ් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත්, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර බලය තනිව ලබා ගැනීමට AFD පක්ෂයට නොහැකි වී ඇති අතර, ඔවුන් සන්ධානගතවීම් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.