Published
මහවිලච්චිය, උළුක්කුලම මාර්ගයේ සම්බෝධි විහාරය අසළ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ උළුක්කුලම දෙස සිට පේමඩුව දෙසට ධාවනය කළ ට්රැක්ටර් රථයක මඩ ආවරණයේ ගමන් කළ පුද්ගලයෙකු එම ට්රැක්ටර් රථයෙන් ඇදවැටී එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේමඩුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ට්රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි මහවිලච්චිය පොලීසිය පැවසුවේ.




