කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි විශ්වවිද්‍යාල සිසුන්ගෙන් අයෙකු අතුරුදහන් වී තිබෙනවා.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විනෝදාංශයක් ලෙස ස්නෝර්කල් පැලැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් පුද්ගලයෙකු එලෙස අතුරුදහන් වී තිබෙනවා.

ඔහු පැළැඳ සිටි ස්නෝර්කල්, ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි පොලීසය පැවසුවේ.

අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.