හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, නාරාහේන්පිට යුද හමුදා රෝහලේදීයි.

මිය යන විට ඒ මහතා 92 වන වියේ පසු වුණා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන යුද හමුදාපතිවරයා වන හැමිල්ටන් වනසිංහ මහතා ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරි තනතුරේ මෙන්ම ආරක්ෂක ලේකම් ධූරයේ ද කටයුතු කර තිබෙනවා.

ඒ මහතා සිය සේවා කාලය තුළ විශිෂ්ට සේවා විභූෂණ පදක්කම, උත්තම සේවා පදක්කම ඇතුළු සේවයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන සම්මාන ගණනාවකින් ද පිදුම් ලබා තිබෙනවා.