Published
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ ආරම්භ වුණා.
මේ අතර බාල ගල් අඟුරු ගෙන්වීමේ සිද්ධියට විරෝධය පල කරමින් සහ බලශක්ති අමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉවත්වන ලෙස බල කරමින් සමගි ජන බලවේගය සංවිධාන කල විරෝධතාවක් පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන පොල්දූව මංසන්ධිය අසලදී පැවැත්වුණා.




