ස්පාඤ්ඤයේ සිදුවූ දරුණු දුම්රිය අනතුරකින් මියගිය සංඛ්‍යාව 64ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

​මෙය මෙම වසර තුළ ස්පාඤ්ඤයේ සිදුවූ දෙවන දරුණුතම දුම්රිය අනතුරයි. අනතුර සිදුවූ ස්ථානයේ සුන්බුන් අතර තවත් මළසිරුරු තිබේදැයි සෙවීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම්, ගිලන්රථ, හෙලිකොප්ටර් යානා සහ ආදාහනාගාර රථ විශාල ප්‍රමාණයක් යොදවා තිබෙනවා.

​ටොලෙඩෝ ප්‍රදේශය ආසන්නයේ දීයි මෙම අනතුර සිදුව ඇත්තේ සංඥා දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

"ඉරියෝ" (Iryo) නමැති පෞද්ගලික සමාගමට අයත් දුම්රියක් නවත්වා තිබියදී ඒ බව නොදැන ගමන සඳහා අවසර ලත් "රෙන්ෆේ" (Renfe) සමාගමට අයත් දුම්රිය අධික වේගයෙන් පැමිණ නවත්වා තිබූ දුම්රියේ ගැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

​මෙම ප්‍රබල ගැටීමත් සමඟ දුම්රිය දෙකෙහිම මැදිරි කිහිපයක් පීලි පැන ඇති අතර, ඉන් මැදිරි තුනක් පහළ පිහිටි ප්‍රපාතයකට ඇද වැටී තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ පිටුපස මැදිරියක ගමන් කළ මගියෙකු සඳහන් කළේ, තත්පර 10ක් පුරා මහා ගර්ජනාවක් සහිත ශබ්දයක් ඇසුණු බවයි.
​අනතුරින් බේරුණු පිරිස් රුධිරයෙන් තැවරී සහ තුවාල ලබා මාර්ගය දිගේ ඉවතට පැමිණ ඇති අතර, අවට නගරවලින් පරිත්‍යාග කළ පානීය ජලය ස්වේච්ඡා සේවකයන් විසින් ඔවුන් වෙත ලබා දී තිබෙනවා.

මෙම අනතුර සිදුවූ ආකාරය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් දැනට ක්‍රියාත්මකයි.