Published
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නාරහේන්පිට කාර්යාලයේ සේවා ලබාගැනීම සඳහා මාර්ග ගත ක්රමයෙන් වෙලාව වෙන් කර ගැනීමේ පහසුකම (Online Appointments) හෙට (නොවැම්බර් 2) සිට නැවත ආරම්භ වනවා.
මෝටර් රථ ලියාපදිංචි කිරීම, හිමිකාරිත්වය පැවරීම සහ තාක්ෂණික ගැටළු විසඳා ගැනීම වැනි සේවා සඳහා මෙමගින් වේලාව වෙන් කර ගත හැකියි.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ හෝ https://dmtappointments.dmt.gov.lk/ යන සබැඳිය ඔස්සේ මෙලෙස වේලාව වෙන් කර ගත හැකි බවයි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙමඟින් මහජනතාවට පෝලිම්වල රැඳී සිටීමෙන් තොරව වඩාත් කාර්යක්ෂමව සහ පහසුවෙන් සේවා ඉටු කර ගැනීමට අවස්ථාව හිමිවන බවද මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.




