Published
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිස, විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට අද දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.
කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය තවදුරටත් දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙනවා.



