රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරු මත සිදු කරන ලද වැටලීමකදීයි.

සැකකරු විසින් නඩු වාර්තාවක සහතික පිටපතක් ලබාදීම සඳහා රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙනවා. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද පෙරවරුවේ කෙසෙල්වත්ත පොලිස් ස්ථානය ආසන්නයේ ඇති වෙළෙඳසැලක් ඉදිරිපිටදී සැකකරුව අත්අඩංගුවට ගැනුණා. ඔහු සේවය කර ඇත්තේ කොළඹ 12, දිසා අධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු ලෙසයි.