Published
මධ්‍යම පිලිපීනයේ හටගත් භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 69 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොපමණ පිරිසක් අතුරුදහන් වී ඇත්දැයි තවමත් තොරතුරු නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දිවි ගලවා ගත් පුද්ගලයින් සොයා ගැනීම සඳහා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම්වල නිරත වෙමින් සිටිනවා.
පිලිපීනයේ සෙබු වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් රාත්‍රී 10.00ට පමණ හටගත් මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක ඒකක 6යි දශම 9ක්.
භූකම්පන හේතුවෙන් සෙබු පළාත් ආපදා තත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමටයි පිලිපීන බලධාරින් කටයුතු කළේ.
එරට රාජ්‍ය ගිනි කඳු විද්‍යා ඒජන්සියට අනුව මෙම භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන 611ක් සිදුව තිබෙනවා.




