Published
දිවයිනේ වයස්ගතම කාන්තාව ලෙස නම් දරා සිටි රැඹෑව, සංගිලිකනදරාව ,ඩී.එස් සේනානායක මාවතේ පදිංචිව සිටි පුංචාගේ කලුමැණිකා මෑණියන් සිය දිවි සසරට සමු දී තිබෙනවා.
මිය යන විට ඇය 114 වියේ පසු වුණා.
දරුවන් 12 දෙනෙකුගේ මවක් වන කලුමැණිකා මෑණියන් 5 වන පරම්පරාව දැක දරු මුනුබුරු 325කට අධික පිරිසක් සියසින් දැක ගැනීමට වාසනාවන්ත වී තිබෙනවා.




