මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන්ම විශිෂ්ට ජයග්රහණයක් හිමිකරගැනීමට දකුණු කොරියාව සමත් වුණා.
ඒ, ප්රබල චෙක් ජනරජ කණ්ඩායම ගෝල 2 ට 1 ක් ලෙස පරාජය කරමින්.
තරගයේ පළමු අර්ධය පුරාම දකුණු කොරියානු ක්රීඩකයින් කැපී පෙනෙන දක්ෂතා දැක්වුවත්, කිසිදු ගෝලයක් ලබාගැනීමට ඔවුන්ට හැකි වුයේ නැහැ.
දකුණු කොරියානු නායක සන් හ්යුන්ග්-මින් එල්ල කළ ප්රහාර කිහිපයක්ම චෙක් ගෝල රකින්නා විසින් දක්ෂ ලෙස වළක්වා ගත්තා.
එසේ තිබියදී තරගයේ 59 වැනි විනාඩියේදී තරගයේ පළමු ගෝගලය ලබාගත්තේ ද චෙක් ජනරජ කණ්ඩායමයි.
නායක ලැඩිස්ලාව් ක්රෙජ්චි, හිසෙන් කළ දක්ෂ පහරදීමකින් මෙම ගෝලය ලබාගත්තා.
කෙසේවෙතත් මෙම ගෝලය හමුවේ පවා අධෛර්ය නොවූ දකුණු කොරියානු ක්රීඩකයින් අඛණ්ඩව ආක්රමණශීලී ලෙස ක්රී කල අතර එහි ප්රතිපලයක් ලෙස චෙක් ජනරජ කණ්ඩායම ගෝලය ලබාගෙන් විනාඩි 8 ක් වැනි කෙටි කාලයක් ඇතුළත තවත් ගොල්යක් ලබාගනිමින් තරගය සම තත්ත්වයට ගෙනඒමට ඔවුන් සමත් වුණා.
දකුණු කොරියාව වෙනුවෙන් මෙම ගෝලය ලබාගත්තේ හ්වැන්ග් ඉන්-බියොම් විසින්.
අනතුරුව තරගය නිමා වීමට ආසන්නව තිබියදී තරගයේ 80 වැනි විනාඩියේදී දකුණු කොරියාව වෙනුවෙන් දෙවන ගෝලය ලබාගැනීමට ඔහ් හ්යොන්-ග්යු සමත් වුණා.
ලෝක කුසලාන පාපන්දු ගරගාවලියකදී දකුණු කොරියාව ඔවුන් සහභාගීවූ පළමු තරගයම මෙලෙස ජයග්තේ වසර 16 කට පසුව වීම තවත් විශේෂත්වයක්.




