Published
මාතර ෆ්රීලන් නිර්මාතෘ දේශමාත්ය, ලංකාපුත්‍ර, විශ්වකීර්ති ලැනී බී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 84වන වියේ පසුවුණා. මීට වසර 41 කට පෙර ආරම්භ කළ මාතර ෆීලන් සමාගමේ පුරෝගාමියා වන්නේ ලැනී බී ගමගේ මහතායි.
1984 වසරේ දී ආරම්භ කළ මාතර ෆ්රීලන් සමාගම සමාගමකට ලැබිය හැකි ඉහලම සම්මානයෙන් මීට දින දෙකකට ඉහතදී පිදුම් ලැබුවා.
ගුණත්වයෙන් ඉතාමත් ඉහළ නිෂ්පාදන පෙළක් ලෙසට මාතර ෆ්රීලන් අදටත් දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළේ ඉහළින්ම සිටිනවා.
අභාවප්‍රාප්ත වූ ලැනී බී ගමගේ මහතාගේ අවසන් කටයුතු අනිද්දා පස්වරු 03ට මාතර, උයන්වත්ත ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.





