Published
සෑම වසරකම අනතුරු හේතුවෙන් පුද්ගලයින් 10,000ක් 12,000ක් අතර ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එහි බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණය සහ කළමනාකරණ අංශ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ ඉන් වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වන්නේ රථ වාහන අනතුරුවලට ලක්වීමෙන් බවයි.
අනතුරු හේතුවෙන් රටේ ආර්ථිකයට මෙන්ම සංවර්ධනයට ද බලපෑම් එල්ල වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.