Published
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා පත් කර තිබෙනවා.
ඔහු මීට පෙර කටයුතු කළේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස ශානි අබේසේකර මහතා මේ දක්වා කටයුතු කළා.
දැන් ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර ඇති අතර ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වූ අධ්යක්ෂ ධුරය සදහායි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතා පත් කර තිබෙන්නේ.
කෙසේවෙතත් ශානි අබේසේකර මහතා ද තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම රාජකාරි කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.




