‘කුෂ්‘ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මාතලේ ප්‍රදේශයේ පදිංචි කාර්මික ශිල්පියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය එක්ව සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට දිවයිනට පැමිණ ඇති එම සැකකරු ගමන් මලු දෙකක විදේශීය මත්පැන් බෝතල් පෙට්ටි තුළ සූක්ෂම ලෙස සඟවා මෙම ‘කුෂ්‘ මත්ද්‍රව්‍ය රැගෙනවිත් තිබෙනවා.

එහිදී සොයාගත් කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 384ක් වූ එම කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ හතළිස් දහසක් පමණ වන බවයි රේගු නිලධාරීන් පැවසුවේ.